විපස්සනා
එස් එන්. ගොඑන්කා විසින් උගන්වනු ලබන පරිදි
භාවනාව
සයාජී ඌ බා කින් තුමාගේ සම්ප්‍රදායට අනුව
ආචාර්ය පරපුර
පූජ්‍ය ලේඩි සයාඩෝ හිමිපාණෝ
1846-1923
අති පූජ්‍ය ලේඩි සයාඩෝ හිමිපාණෝ 1846 වර්ෂයේ දී, උතුරු දිග බුරුමයේ, ෂ්වේබෝ දිස්ත්‍රික්කය නම් වූ වර්තමාන මොනිවා දිස්ත්‍රික්කයෙහි ඩිපෙයිං නගරයට ආසන්න සෙයිං-පිං ග්‍රාමයෙහි දී උපත ලැබූහ.ළමා වියේදී මෙතුමාගේ නම මෞං තෙට් කෞං නම් විය. ( මෞං යන වචනය බුරුමයේ පිරිමි ළමයින් සහ තරුණයින් සඳහා ද, තරුණ මහතා යන්න සඳහා ද සමානව යොදනු ලැබේ.) තෙට් යන්න ඉහළටම නගින්නා යනුවෙන් ද, ඛෞං යනුවෙන් මුදුනටම හෙවත් හිණි පෙත්තටම නගින්නා යන අදහස ද ගෙන දෙයි. එය ඔහුටම සුදුසු නමක් ලෙස සනාථ වූයේ තරුණ වියේ සිටම ගත් සියලු ප්‍රයත්න සාර්ථක කර ගනිමින් හිණි පෙත්තටම නැගීමට සමත් වූ බැවිනි.
ඔහු තම ගම්මානයෙහි පිහිටි සම්ප්‍රදායානුකූල භික්ෂු ආරාමයට ඇතුළත් වූ අතර, එහි සිටි භික්ෂූන් වහන්සේලා bhikkhus විසින් ළමයියින්හට බුරුම බස ලිවීමට හා කියවීමට මෙන්ම පාලි ගාථා කට පාඩමින් සජ්ඣායනය කිරීමටද උගන්වන ලදී. මෙම සම්ප්‍රදායානුකූල භික්ෂු ආරාම පාසල් නිසා බුරුමයේ ඉතා ඉහළ ශාක්ෂරතා මට්ටමක් පැවතින.
වයස අවුරුදු අටේදී තම පළමු ගුරුතුමා වූ ඌ නන්ද-ධජ සයාඩෝ හිමිපාණන් වෙතින් ඉගෙනීම ආරම්භ කළ අතර, වයස අවුරුදු පහළොවේදී උන්වහන්සේ වෙතින්ම සාමනේර පැවිද්ද ලැබීය. දැනුමෙන් පරිපූර්ණ යන තේරුම සහිත ''න්‍යාන-ධජ" යන නාමයෙන් උන්වහන්සේ හඳුන්වනු ලැබූහ. උන්වහන්සේගේ ආරාමවාසී අධ්‍යාපනයට, පාලි භාෂා ව්‍යාකරණ, පාලි ත්‍රිපිටකයෙහි අභිධම්මත්ථ සංගහ Abhidhammattha-sangahaනම් වූ මූලික උපදේශ ග්‍රන්ථ අධ්‍යයනය ඇතුළත් වීය.
ජීවිතයේ සැඳෑ සමයේදී, මෙම අභිධමාර්ථ සංග්‍රහය Abhidhammattha sangaha සඳහා එක්තරා ආකාරයක විවාදාත්මක විවේචනයක් වූ පරමසත්‍යය අත්පොත හෙවත් පරමත්ථදීපනියParamatttha-dipani (Manual of Ultimate Truth)ලියන ලදී. අභිධමාර්ථ සංග්‍රහයෙහි උන්වහන්සේට දක්නට ලැබුණු සාවද්‍ය තැන් නිවැරදි කර දැක්වූහ. පසුව භික්ෂූන් වහන්සේලා විසින් එම නිවැරදි කිරීම් පිළිගන්නා ලද අතර එය නිර්දේශ ග්‍රන්ථයක් ලෙස පිළිගන්නා ලදී.
සාමනේර හිමි නමක් samanera ලෙස වැඩ වසන ලද දහනව වෙනි ශත වර්ෂයේ මැද භාගයේදී, නූතන ආලෝකකරණයට පෙර දිවා කාලයේදී ග්‍රන්ථාරූඪ කරන ලද පොත් සුපුරුදු ලෙස අධ්‍යයනය කිරීමත්, අඳුර වැටුන පසු භික්ෂූන් වහන්සේලා bhikkhusසහ අනෙකුත් සාමණේරsamaneras හිමිවරුන් සමඟ මතකයෙන් සජ්ඣායනා කිරීමත් කරන ලදී. මේ ආකාරයට අධ්‍යයන කටයුතුවල යෙදීමෙන් උන්වහන්සේ අභිධර්මය පිළිබඳ විශාරද බවට පත් වූහ.
වයස අවුරුදු 18 ක් වූ නාන-ධජ සාමනේර හිමියෝ ටික කලකට සිවුර අතහැර සාමාන්‍ය ගිහි ජීවිතයකට පත් වූහ. උන් වහන්සේ ත්‍රිපිටකය අධ්‍යයනය Tipitaka.3 කිරීමට පමණක් පටු ලෙස සීමා වූ තම අධ්‍යාපනය ගැන සෑහීමකට පත් නොවූහ. හය මසකට පමණ පසු ඔහුගේ ප්‍රථම ගුරුතුමා සහ මයින්හ්ටින් සයාඩෝ නම් තවත් ප්‍රබල ගුරුතුමෙකු එක්ව ඔහුට පණිවුඩ යවා නැවත පැවිදි ජීවිතයට පැමිණෙන ලෙස පොළඹවනු ලැබූ නමුත් ඔහු විසින් එය ප්‍රතික්ෂේප කරන ලදී.
මයින්හ්ටින් සයාඩෝ ගුරුතුමා, අඩුම වශයෙන් ඔහු තම අධ්‍යාපන කටයුතු හෝ අඛණ්ඩව කරගෙන යා යුතු බවට යෝජනා කළහ. ඉගෙනීමට අති දක්ෂ දීප්තිමත් ශිෂ්‍යයෙකු වූ මැන්ග් තෙට් චාඋන්ග් මෙම යෝජනාවට මහත් උනන්දුවකින් එකඟ විය.
මයින්හ්ටින් සයාඩෝ හිමිපාණෝ "ඔබ හින්දු ආගමේ වේදය" ගැන ඉගෙනීමට කැමතිද? යනුවෙන් විමසූහ.
''එසේය ගරු ස්වාමීන් වහන්ස" යන්න මැන්ග් තෙට් චාඋන්ග්ගේ පිළිතුර විය.
''බොහොම හොඳයි. එසේ නම් ඔබ සාමනේර හිමි නමක් samaneraවිය යුතුය. නැතහොත් යෙයු ගම්මානයෙහි සිටින සයාඩෝ යු ගන්ධාම හිමි තම ශිෂ්‍යයෙකු ලෙස ඔබ භාර නොගනු ඇත." යනුවෙන් පැවසූහ.
''මම සාමනේර පැවිද්ද ලබා ගන්නෙමි." යනුවෙන් ඔහු එයට එකඟ විය.
මේ ආකාරයෙන් නැවත සාමනේර පැවිද්ද ලබාගත් එතුමා නැවත කිසි දිනෙක භික්ෂු චීවරය හැර ගියේ නැත. පසුකාලීනව උන්වහන්සේ තම ශිෂ්‍යයෙකුට මේ බව හෙළි කළේය.
" මම පළමුවෙන් බලාපොරොත්තු වූයේ මා තුළ වූ Vedas 'වේදය' පිළිබඳ දැනුමෙන් මිනිසුන්ගේ අනාගත පලාපල කියාදී ලැබෙන ආදායමෙන් ජීවත් වීමටය. එසේ වුවද නැවත සාමණේර හිමිනමක් samanera වීමට ලැබීම වඩාත් වාසනාවන්ත බව සිතමි. බොහෝ ප්‍රඥාවන්ත වූ මගේ ගුරුවරු තම අප්‍රමාණ මෛත්‍රිය හා කරුණාව පෙරදැරි කර ගනිමින් මා ආරක්ෂා කළහ".
අති දක්ෂ න්‍යානධජ සාමනේර හිමියෝ සයාඩෝ ගන්ධාම භික්ෂූන් වහන්සේ යටතේ මාස 8 ක් තුළ වේදය Vedas සම්පූර්ණයෙන් හදාරා, ත්‍රිපිටකය Tipitakaඅධ්‍යයනය කිරීම ද අඛණ්ඩව පවත්වාගෙන ගියේය. වයස අවුරුදු විස්ස සම්පූර්‍ණ වූ පසු, 1866 අප්‍රේල් මස විසිවන දින, තම පැරැණි ගුරු හිමියන් වූ යූ න්‍යාන-ධජ සයාඩෝ හිමිපාණන් වෙතින් අධිශීල සංඛ්‍යාත උපසම්පදාවbhikkhu ලබා ගත්හ. එසේම උන්වහන්සේගේ උපාධ්‍යයන් වහන්සේ වූයේ ද යූ න්‍යාන-ධජ සයාඩෝ හිමිපාණන්ය.
1867 වර්ෂයේදී මෝසම් හෙවත් වස්සාන කාලය එළඹීමට පෙර න්‍යාන-ධජ භික්ෂූන් වහන්සේ, තම උපාධ්‍යයන් වහන්සේ ද, හැදුන වැඩුන මොනිවා දිස්ත්‍රික්කයද අතහැර අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාම සඳහා මණ්ඩලේ නගරයට පැමිණියේය.
වර්ෂ 1853 සිට 1878 දක්වා වූ මින් ඩොන් මින් රජුගේ රාජ්‍ය සමයේ දී බුරුමයේ රාජකීය අගනුවර වූ මණ්ඩලේ නගරය අධ්‍යාපනය සඳහා ද වඩාත් වැදගත් මධ්‍යස්ථානයක් වීය. උන්වහන්සේ එහිදී ප්‍රමුඛ පෙලේ සයාඩෝ භික්ෂූන් වහන්සේලා මෙන්ම දක්ෂ ගිහි ගුරුවරු යටතේ ද අධ්‍යාපනය ලැබූහ. මුල් අවදියේදී මහා ජෝතිකාරාම භික්ෂු ආරාමයේ නේවාසිකව, 'විසුද්ධිමග්ග' හෙවත් සිත පිරිසිදු කිරීමේ මාර්‍ගය නමැති ග්‍රන්ථයVisuddhimagga Path of Purification බුරුම භාෂාවට පරිවර්‍තනය කිරීමෙන් ප්‍රසිද්ධියට පත් පූජ්‍ය සන්-සොන්ග් සයාඩෝ නාහිමිපාණන්ගෙන් අධ්‍යාපනය ලැබූහ.
මෙම වකවානුවේදී පූජ්‍ය සන්-ච්යොන්ග් සයාඩෝ හිමිපාණෝ දෙදහසක ශිෂ්‍ය පිරිසක් සඳහා ප්‍රශ්න විස්සකින් සමන්විත විභාගයක් පවත්වන ලදී. සියලු ප්‍රශ්න සඳහා සතුටුදායක ලෙස පිළිතුරු සපයනු ලැබුවේ න්‍යාන-ධජ භික්ෂූන් වහන්සේ පමණකි. වර්ෂ 1880 දී "පාරමී දීපනී" හෙවත් ''සර්ව සම්පූර්ණත්වය සඳහා අත්පොත" නමින්Parami-dipani (Manual of Perfections), මෙම පිළිතුරු එකතුව ග්‍රන්ථාරූඩ කරන ලදී. මේ පූජ්‍ය ලේඩි සයාඩෝ හිමිපාණන් විසින් පාලි හා බුරුම භාෂා වලින් පළ කරනු ලැබූ ප්‍රථම ග්‍රන්ථයයි.
උන් වහන්සේ මණ්ඩලේ නුවර අධ්‍යාපනය ලබමින් සිටි කාලයේ මින් ඩොන් මින් රජතුමාගේ අනුග්‍රහයෙන් පස්වෙනි ධර්‍ම සංගායනාව පවත්වන ලදී. දුර පළාත් වල වැඩ සිටි දක්ෂ භික්ෂූන් වහන්සේලා bhikkhus වැඩම කොට ත්‍රිපිටකය Tipitikaසජ්ඣායනා කර පිරිසිදු කරවන ලදී. 1871 දී මණ්ඩලේ නුවර දී එසේ සජ්ඣායනා කොට, පිරිසිදු කර, නිරවද්‍යභාවය සනාථ කරනු ලැබූ ත්‍රිපිටක පෙළ පාඨ කිරිගරුඬ පුවරැ 729 ක කැටයම් කරවා වර්‍තමානයේ දක්නට ඇති පරිදි සකස් කරවන ලදී. මණ්ඩලේ කඳු පාමුල පිහිටි කුතෝඩෝ නමැති විශාල ස්වර්ණමය දාගැබ අවට ප්‍රදේශයේ පෙළපාඨ සහිත සෑම කිරිගරුඬ පුවරුවක්ම වටකර කුඩා ස්ථූපයක් සාදන ලදී. මෙම සංගායනාවේදී න්‍යාන-ධජ හිමිපාණන් වහන්සේ අභිධර්ම පෙළපාඨ සංස්කරණය කොට පරිවර්තනය කිරීමට උපකාර කළහ.
අවුරුදු අටකට පසුව, භික්ෂූන් වහන්සේනමක් bhikkhu,ලෙස සියලු විභාග වලින් සාමාර්ථය ලබා, පූජ්‍ය න්‍යාන-ධජ හිමියෝ පාලි භාෂාව හඳුන්වා දීමේ ආරම්භක ගුරුවරයෙක් ලෙස තමන් අධ්‍යාපනය ලැබූ මහා ජෝතිකාරාම Maha-Jotikarama ආරාමයෙහිම ගුරු පත්වීමක් ලැබූහ.
තම ශාස්ත්‍රීය අභිමතාර්ථවල අඛණ්ඩව නියලෙමින් උන්වහන්සේ 1882 දක්වා, මොන්වා වෙත යනතුරු තවත් අවුරුදු අටක් එහි වැඩ සිටියහ. උන්වහන්සේ ගේ වයස දැන් අවුරුදු තිස්හයකි. චින්ග්ඩ්වින් ගංගාවේ උතුරු නිම්නයෙහි පිහිටි කුඩා දිස්ත්‍රික් මධ්‍යස්ථානයක් වූ මොනිවා නගරය, තෝරා ගත් කොටස් වශයෙන් නොව මුළු ත්‍රිපිටකයම Tipitikaඉගැන්වීමේ ක්‍රම අනුගමනය කරන ස්ථානයක් ලෙස කීර්තියට පත්ව තිබිණ.
දිවා කාලයේදී මොන්වාහි භික්ෂූන් වහන්සේලාට bhikkhusසහ සාමනේර හිමිවරුන්ට samanerasපාලි උගැන්වීම සඳහා උන්වහන්සේ නගරයට පැමිණියද, සන්ධ්‍යා භාගයේදී චින්ඩ්වින්ග් ගංගාවේ බටහිර නිම්නය තරණය කොට ලක්-පැන්-ටාඋන්ග් කඳු බෑවුමෙහි පිහිටි කුඩා විහාරයෙහි vihara (ආරාමය) භාවනා කරමින් රාත්‍රිය ගත කළ සේක. නිශ්චිත තොරතුරු අප සතු නොවූවද, පාරම්පරික බුරුම සම්ප්‍රදායට අනුව ආනාපාන Anapanaහෙවත් ආශ්වාස ප්‍රාශ්වාසයට සහ වේදනා vedanāහෙවත් සංවේදනාවලට අවධානය යොමු කරමින් විපස්සනා පුහුණුව ආරම්භ කරන ලද්දේ මේ කාලවකවානුවේදී බව පෙනී යයි.
වර්ෂ 1885 දී බ්‍රිතාන්‍යය විසින් බුරුමයේ උතුරු කොටස යටත්කර ගන්නා ලදුව 1878 සිට 1885 දක්වා එරට පාලනය කළ තිබෝව් රජ පිටුවහල් කරන ලදී. ඊළඟ වර්ෂයේ එනම් 1886 දී පූජ්‍ය න්‍යාන-ධජ හිමියෝ මොන්වා ප්‍රදේශයට උතුරින් පිහිටි ලේඩී නම් වනයට භාවනා පිණිස වැඩම කළහ. ටික දිනකින්ම භික්ෂූන් වහන්සේලා bhikkhusරාශියක් උන්වහන්සේ වෙත වැඩම කරමින් තමන් වහන්සේලාට උගන්වන ලෙස ඉල්ලා සිටියහ. ඒ අය වෙනුවෙන් ආරාමයක් ඉදිකර එය ලේඩි-ටව්යා ආරාමය නමින් හඳුන්වන ලදී. මෙම ආරාමය නිසා තම නාමය ලේඩී සයාඩෝ නමින් හඳුන්වා ගත් උන්වහන්සේ පසුකාලීනව එම නමින්ම ප්‍රචලිත වූහ. අද වන විට මොනිවා ප්‍රධාන නගරයක් ලෙස දියුණු වීමට හේතු වූ තවත් කාරණයක් ලෙස, ජනයා ලේඩී සයාඩෝ ආරාමය වෙත ඇදී ඒම සඳහන් කළ හැකිය. උන්වහන්සේ ලේඩි-ටව්යාහි සිටි අතිදක්ෂ ශිෂ්‍යයින් බොහෝ දෙනෙකුට උගැන්වූ අතර, ගගෙන් එගොඩ පිහිටි තමාගේ කුඩා කුටිය viharaවෙත වැඩම කොට භාවනාවෙහි යෙදීම ද නොකඩවා ඉෂ්ඨ කළ සේක.
වසර දහයකට වැඩි කාලයක් ලෙඩී වන සෙනසුනෙහි වැඩ වාසය කළ වකවානුවේදී උන්වහන්සේගේ ශාස්ත්‍රීය නිර්මාණ මුද්‍රණය කිරීම ආරම්භ විය. එයින් පළමුවැන්න වූයේ 1897 දී මුද්‍රණය වූ 'පරමත්තද දීපනී' හෙවත් ''පරම සත්‍යය" Paramattha-dipani (Manual of Ultimate Truth)නම් ප්‍රකාශණයයි. මෙම කාලයේදී නිකුත් වූ උන්වහන්සේ ගේ දෙවන පොත වූයේ පාලි ව්‍යාකරණ පිළිබඳව රචනා කරන ලද 'නිරුත්ත දීපනී' Nirutta-dipaniනමැති ග්‍රන්ථයයි. මෙම ග්‍රන්ථ ප්‍රකාශන නිසා බුරුමයේ වැඩිම උගත්කමක් ලැබූ භික්ෂුව bhikkhusලෙස උන්වහන්සේ කීර්තියට පත් වූහ.
21. ලේඩි-ටව්යා වන සෙනසුන, ලෙඩී-සයාඩෝ භික්ෂූන් වහන්සේගේ නිත්‍ය නිවහන වූ නමුත් භාවනාව සහ ධර්මය උගැන්වීම පිණිස උන්වහන්සේ වරින් වර බුරුම දේශය පුරා චාරිකා කළ සේක. ධර්මයෙහි සිද්ධාන්තමය පැත්ත හෙවත් 'පරියත්තිය' pariyattiමෙන්ම ප්‍රායෝගික පුහුණුව වූ 'පටිපත්ති' ය patipatti ද එකසේ ප්‍රගුණ කළ උන්වහන්සේ විශිෂ්ඨතම භික්ෂුවක් bhikkhuලෙස කීර්තියට පත් වූහ. මුද්‍රණය කරන ලද පොත් වැඩි සංඛ්‍යාවක් උන්වහන්සේ විසින් රචනා කරන ලද්දේ බුරුම දේශය පුරා කළ චාරිකා අතරතුරදීය. උදාහරණයක් ලෙස මණ්ඩලේ සිට 'ප්‍රොම්' දක්වා වූ බෝට්ටු චාරිකාවේදී දින දෙකක් තුළ 'පටිච්ච සමුප්පාද-දීපනී' Paticca-samuppada-dipaniරචනා කර ඇත. ත්‍රිපිටකය Tipiitakaපිළිබඳව උන්වහන්සේ තුළ පැවැති ගැඹුරු දැනුම් සම්භාරය නිසා පරිහරණය සඳහා ග්‍රන්ථ කිසිවක් නොමැති වීම ගැටළුවක් නොවීය. උන්වහන්සේගේ කර්තෘත්වයෙන් රචිත "බුද්ධ ධර්‍ම සාර සංග්‍රහය" Manuals of Buddhismවෙළුම් 76 කින් සහ අටුවා-නිබන්ධ ආදියෙන්ද සමන්විතය. හුදෙක් මෙය උන්වහන්සේ ගේ ලේඛණ කාර්යයන්හි අසම්පූර්ණ ලැයිස්තුවකි.
පසුව, උන්වහන්සේ බුරුම බසින් ද ධර්ම ග්‍රන්ථ රාශියක් රචනා කළහ. සාමාන්‍ය ගොවියෙකුට පවා තේරුම් ගත හැකි අන්දමින් පොත් ලිවීමට තමන් වහන්සේට අව්‍ශ්‍ය බව උන්වහන්සේ පැවසූහ. උන්වහන්සේගේ කාලයට පෙර, ගිහි ජනතාවට පරිහරණය කල හැකි අන්දමට ධර්ම විෂයන් පිළිබඳව ග්‍රන්ථ රචනා කිරීම අසාමාන්‍ය දෙයක් විය. භික්ෂූන් වහන්සේලා bhikkhusවාචිකව උගන්වන විටදී පවා පාලි Paliභාෂාවෙන් දීර්ඝ ලෙස ගෙනහැර පෑම හා ඒවාට අර්ථ කතනය කිරීම සාමාන්‍ය ජනතාවට තේරුම් ගත නොහැකි සිහිත්‍යමය භාෂාවෙන් කිරීම සාමාන්‍ය සිරිත විය.සමාජයේ සෑම තරාතිරමකම ජනතාව අතර ධර්මය ප්‍රචාරය කිරීමට උන්වහන්සේ තුළ උනන්දුවක් ඇති වූයේ ප්‍රායෝගික මට්ටමින් ධර්මය වටහා ගැනීමේ හැකියාවත්, ඒ තුළින් ඉස්මතු වූ මෛත්‍රියත් mettāවිය හැක. උන්වහන්සේගේHis Paramattha-sankhepa, a book of 2,000 Burmese verses which translates the Abhidhammattha-sangaha, was written for young people and is still very popular today. His followers started many associations which promoted the learning of Abhidhamma by using this book.
බුරුම දේශය පුරා කළ සංචාර වලදී ලේඩි සයාඩෝ හිමිපාණෝ ගව මාංශ අනුභවය අධෛර්යමත් කිරීමට කටයුතු කළහ. උන්වහන්සේ විසින් රචනා කරන ලද "ගෝ මාම්ස මාතිකා" Go-mamsa-matika නම් වූ ග්‍රන්ථය මගින් ආහාර පිණිස ගවයන් නොමරණ ලෙසට පොළඹවන ලද අතර නිර්මාංශ ආහාර කෙරෙහි ජනතාව උනන්දු කරවීය.
නව ශත වර්ෂයේ ආරම්භයත් සමඟ, පසුකාලීනව විපස්සනා භාවනාව පිළිබඳ බුරුමයේ ප්‍රකට ගිහි ආචාර්යවරයෙකු වූ ඌ පො තෙට් තුමානෝ ප්‍රථමයෙන්ම ලේඩී සයාඩෝ හිමිපාණන් වෙත පැමිණ විපස්සනා භාවනාව ඉගෙන ගත්හ. එතුමා, ගොඑන්කාතුමාගේ ගුරුතුමා වූ ඌ බා කිං තුමාගේ ගුරුතුමාණන්ද වීය.
විපස්සනාව පිළිබඳ විශිෂ්ඨ ආචාර්යවරයෙකු ලෙසත් මහා ප්‍රාඥයෙකු ලෙසත් සයාඩෝතුමා ලබා සිටි කීර්තිනාමය කෙතරම් වීද යත් වර්ෂ 1911 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ඉන්දියානු කාර්යාලය මගින් 'අග්ග මහා පණ්ඩිත'Aggamaha-pandita ගෞරවනාමය එතුමා වෙත ප්‍රදානය කරන ලදී. රැන්ගුන් විශ්වවිද්‍යාලය මගින් සාහිත්‍යශූරී ගෞරව උපාධියෙන්ද උන්වහන්සේ පිදුම් ලැබූහ. වර්ෂ 1913 සිට 1917 දක්වා අතර කාලයේදී මෙතුමා සමග ලන්ඩන් පාලි ග්‍රන්ථ සංගමයේ රීස් ඩේවිස් මහත්මිය ලිපි ලේඛණ හුවමාරු කර ඇත. එම පාලි ග්‍රන්ථ සංගමයේ සඟරාවලJournal of the Pali Text Society, අභිධර්මයේAbhidhamma දැක්වෙන කරුණු සම්බන්ධයෙන් ලේඩී සයාඩො හිමිපාණන්ගේ සාකච්ඡාවල පරිවර්තනයක්ද පළකර ඇත.
ජීවිතයේ අවසාන භාගයේදී පූජ්‍ය ලෙඩී සයාඩෝ හිමිපාණන්ගේ ඇස් පෙනීම දුර්වල විය. දිගු කාලයක් තිස්සේ ලිවීම, කියවීම සහ අධ්‍යයන කටයුතුවල යෙදීම, දුර්වල මඳ ආලෝක තත්ව යටතේ බොහෝ වේලාවක් ගත කිරීම නිසා මෙම තත්වය උදා විය. වයස අවුරුදු 73 වන විට උන්වහන්සේ අන්ධ භාවයට පත් විය. එතුමා ජීවිතයේ ඉතිරි කොටස පූර්ණ කාලීනව ගත කළේ භාවනා කිරීමට සහ භාවනාව ඉගැන්වීමටය. වසර 77 ක් ආයු වැළඳූ උන්වහන්සේ, වර්ෂ 1923 දී, මණ්ඩලේ සහ රැන්ගුන් නගර අතර පිහිටි 'ප්යින්මාන' ආරාමයේදී අපවත් වූහ. උන්වහන්සේ බුරුමය පුරා සංචාරය කරමින් ඉගැන්වීමේ කටයුතු වල නිරතවීම නිසා මෙවැනි ආරාම බොහෝ ගණනක් උන්වහන්සේගේ නමින් පිහිටුවා ඇත.
අති ගෞරවණීය ලෙඩී සයාඩො හිමිපාණෝ වනාහි ඒම යුගයේ වැඩ විසූ අතිශය පරමාදර්ශී බෞද්ධ චරිතයයි. මෑත කාලයේදී දහම් මඟ ගමන් කරන සියල්ලෝ කෘතවේදී බවින් උන්වහන්සේට ණයගැති වන්නාහ. මෙම උගත්, සුපේෂල භික්ෂූන් වහන්සේ විසින් යටපත්ව තිබූ සාම්ප්‍රදායික විපස්සනා භාවනා ක්‍රමය නැවත ප්‍රතිෂ්ඨාපනය කොට පැවිදි ප්‍රජාවට මෙන්ම ගිහි සමාජයටත් එකසේ ප්‍රයෝජන ලැබිය හැකි පරිදි සකස් කරන ලදී. උන්වහන්සේගේ උගැන්වීමෙහි මෙම අතිශය වැදගත් අංගයට අමතරව, උන්වහන්සේ විසින් ඉටුකරන ලද සංක්ෂිප්ත, නිරවුල් හා පෘථුල ශාස්ත්‍රීය කටයුතු, ධර්මය අත්විඳීමෙන් අවබෝධ කරගත යුතු කොටස් පැහැදිලි කර ගැනීමටද ඉවහල් වීය.
ගෞරවනීය ගුරුතුමා යනුවෙන් අදහස් කරන 'සයාඩෝ' යන පදවි නාමය1The title Sayadaw, මුල්කාලයේදී ප්‍රදානය කරන ලද්දේ රජුහට ධර්මයෙන් අනුශාසනය කළාවූ පූජනීය, වයෝවෘධ භික්ෂූන් වහන්සේලා (Theras) උදෙසාය. පසුකාලීනව ඉමහත් ගෞරවාදරයට පත් වූ භික්ෂූන් වහන්සේලා වෙත පිරිනමන ලද උපහාර නාමයක් බවට පත්වීය.
අභිධර්මය2Abhidhamma බුද්ධ දේශනා වල දේශිත ගැඹුරු ධර්මය ඇතුළත් පාලි ග්‍රන්ථ නාමාවලියෙහි තුන්වන කාණ්ඩයයි. එහි නාමරූප හෙවත් සිත හා කය අතර පවත්නා යථා ස්වභාවය සවිස්තරාත්මකව හා ප්‍රායෝගිකව ගැඹුරින් විග්‍රහ කොට ඇත.
සමස්ත බුද්ධ ධර්‍ම සංග්‍රහ නාමාවලිය පාලි Paliභාෂාවෙන් ත්‍රිපිටකය3Tipitaka නමින් හැඳින් වේ. එහි තේරුම කූඩ හෙවත් පැසවල් තුනක් යන්නයි. එනම් භික්ෂූන් උදෙසා වූ විනය Vinaya පිටකයෙන්ද, බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද සියලුම ධර්ම දේශනා ඇතුළත් සූත්‍ර Suttas පිටකයෙන්ද ඉහත (2) විස්තර කර ඇති අභිධර්ම Abhidhamma පිටකයෙන් ද ත්‍රිපිටකය සමන්විත වේ.