පිළිගැනීම

විපස්සනා යනුවෙන් අදහස් කරන්නේ ඇත්ත ඇති සැටියෙන් දැකීමයි. එය ඉන්දියාවේ ඉපැරණි භාවනා ක්‍රමයකි. එය විශ්ව පීඩාවන්ට විශ්ව ප්‍රතිකාරයක් ලෙස වසර 2500 ට පෙර ඉන්දියාවේ උගන්වනු ලැබූවකි. එනම් ජීවත්වීමේ කලාව. විපස්සනා භාවනාව ගැන දැනුමක් නැති අයට ගොඑන්කා තුමා විසින් රචිත විපස්සනා භාවනාව පිළිබඳ හැඳින්වීමක් ද ඒ හා සම්බන්ධ වීඩියෝ දර්ශන සහ විපස්සනාව පිළිබඳව ප්‍රශ්න සහ පිළිතුරු ලබා ගත හැක.

පාඨමාලා

විපස්සනා භාවනා ක්‍රමය උගන්වනු ලබන්නේ දස දින නේවාසික පාඨමාලා වල දීය. මෙම කාලය තුළ දී මෙයට සහභාගි වන්නන් භාවනා ක්‍රම යේ මූලික කරුණු හදාරා එහි ඵලදායී ප්‍රතිඵල අත් විඳීමට සෑහෙන සේ එය ප්‍රගුණ කරති ආහාර සහ නේවාසික පහසුකම් සඳහා යන වියදම ආවරණය කර ගැනීමට තරම්වත් මේ පාඨමාලා වෙනුවෙන් අයකිරීමක් නැත. සියලු වියහියදම් දරණු‍ ලබන්නේ , මේ පාඨමාලාවක් සම්පූර්ණ කර විපස්සනාවේ ප්‍රතිඵල අත්විඳ, එම ප්‍රතිඵල අත්විඳීමට අනිත් අයටත් අවස්ථාවක් සළසා දීමට කැමැත්තක් දක්වන පුද්ගලයන් ගේ පරිත්‍යාග වලිනි.

ස්ථාන

බොහෝ භාවනා මධ්‍යස්ථානවල සහ මධ්‍යස්ථානවලින් බාහිරව කුලියට ලබා ගත් ස්ථාවනවල ද පාඨමාලා ඉදිරිපත් කරනු ලැබේ. සෑම ස්ථානයකට ම අදාළ පාඨමාලා වැඩ සටහන් ලැයිස්තු ඇත. බොහෝ විට, මේ පාඨමාලාවලට ඇතුළත් වීමේ අයදුම් පතක්, මෙම වෙබ් අඩවියේ ඔන් ලයින් මගින් පිරවිය හැක. මධ්‍යස්ථාන ගණනාවක් ඉන්දියාවේසහ අනිකුත් තැන්වලආසියා/පැසිෆික්; මධ්‍යස්ථාන දහයක් උතුරු ඇමෙරිකාවේ; මධ්‍යස්ථානතුනක් ලතින් ඇමෙරිකාවේ; මධ්‍යස්ථාන අටක් යුරෝපයේ; මධ්‍යස්ථාන හතක් ඕස්ට්‍රේලියාව/නවසීලන්තයේ; එක් මධ්‍යස්ථානයක්මැද පෙරදිග එක් මධ්‍යස්ථානයක් අප්‍රිකාවේ. අ කේන්ද්‍රිය පාඨමාලා මධ්‍යස්ථානවලින් බාහිර බොහෝ ස්ථානවල ඒ ඒ ප්‍රදේශවල පැරණි සිසුන් විසින් සංවිධානය කරන පරිදි නිතර පවත්වනු ලැබේ.An alphabetical list of worldwide course locations is available as well as a graphical interface of course locations worldwide and in India and Nepal.

විශේෂ පාඨමාලා සහ සම්පත්

බන්ධනාගාර වල ද විපස්සනා භාවනා පාඨමාලා පවත්වනු ලැබේ. විශේෂයෙන් ව්‍යාපාරික විධායකයින් සහ රාජ්‍ය නිලධාරීන් උදෙසා විශේෂ දස දින පාඨමාලාවක් විටින් විට ලොව පුරා මධ්‍යස්ථාන කීපයක පවත්වනු ලැබේ. වැඩි පුර තොරතුරු සඳහා පිවිසෙන්නවිධායක පාඨමාලා වෙබ් අඩවියExecutive Course Website. විපස්සනා භාවනාව පිළිබඳ තොරතුරු අනිකුත් භාෂාවලින් ද ලබා ගත හැක. භාෂාව තෝරා ගැනීම සඳහා දකුණු පැත්තේ උඩ ගෝලය මත ක්ලික් කරන්න.