විපස්සනා
එස් එන්. ගොඑන්කා විසින් උගන්වනු ලබන පරිදි

භාවනාව
සයාජී ඌ බා කින් තුමාගේ සම්ප්‍රදායට අනුව
විශේෂ පාඨමාලා සඳහා අවශ්‍ය සුදුසුකම්
Old students are those who have completed a 10-day Vipassana Meditation course with S.N. Goenka or his Assistant Teachers. Old students have the opportunity to provide Dhamma Service at the courses listed.
මෙම විපස්සනා භාවනා සම්ප්‍රදායයෙහි පැරණි යෝගීන් සඳහා විශේෂ පාඨමාලා කීපයක්ම ඇත. මෙම පාඨමාලාවලට ඇතුළත් වීම සඳහා සුදුසුකම් ලැබීමට පැරණි යෝගියෙකු විසින් සැපිරිය යුතු අවශ්‍යතා කීපයක් තිබේ. අවශ්‍ය මූලික සුදුසුකම් පහත දැක්වේ:
1-දින හෝ 3-දින පැරණි ශිෂ්‍ය පාඨමාලා
ගොඑන්කා තුමා හෝ එතුමාගේ සහායක ගුරුවරයෙකු යටතේ අවමවශයෙන් එක් දස දින පාඨමාලාවක් සම්පූර්ණ කර තිබීම. විශ්ව ශක්තිය උපයෝගි කරගෙන අනිත් අයගේ රෝග සුව කරන පුද්ගලයින් සහභාගි නොවිය යුතුයි. පංච ශීලය උපරිම වශයෙන් ආරක්ෂා කිරීමට උත්සාහ කළ යුතුයි.
සතිපට්ඨාන සුත්ත පාඨමාලාව
පැරණි සිසුන් සඳහා වන, සතිපට්ඨාන සුත්ත පාඨමාලාව සඳහා අවශ්‍යකතා
- ගොඑන්කා තුමා හෝ එතුමාගේ සහායක ගුරුවරයෙකු යටතේ අවම වශයෙන් 10-දින පාඨමාලා තුනක්වත් සම්පූර්ණ කර තිබීම. සේවය කළ පාඨමාලා මෙයට ඇතුළත් නොවේ.
- එස් .එන්. ගොඑන්කා තුමා විසින් උගන්වනු ලබන විපස්සනා භාවනා ක්‍රමය, අවම වශයෙන් වසරක කාලයක සිටවත්, නොකඩවා ප්‍රගුණ කරමින් සිටීම.
- ගොඑන්කා තුමා හෝ එතුමාගේ සහායක ගුරුවරයෙකු යටතේ වාඩි වූ අවසාන පාඨමාලාවෙන් පසුව, වෙනත් භාවනා ක්‍රමයක් ප්‍රගුණ කර නොතිබීම.
- අවම වශයෙන් පාඨමාලාවට අයදුම් කළ අවස්ථාවේ සිටවත්, දිනපතා භාවනා කිරීම පවත්වා ගෙන යාමට උත්සාහ දැරීම Trying to maintain daily practice, at the very minimum from the time of applying to course
- අවම වශයෙන් පාඨමාලාවට අයදුම් කළ අවස්ථාවේ සිටවත්, පංච ශීලය ආරක්ෂා කිරීමට උත්සාහ දැරීම.Trying to maintain five precepts, at the very minimum from the time of applying to the course
භාවනාව පිළිබඳ දැඩි උන්නදුවක් දක්වන පැරණි යෝගීන් සඳහා වන ස්වයං පාඨමාලාව
Self-courses are for serious old students who have completed at least three 10-Day courses - the most recent being within the last two years. There are no teachers present, no student managers, no noon interviews, and no question/answer sessions at the end of the day. The evening audio discourses are required, and the students attending are responsible for playing the tape at 7pm.
සාමාන්‍ය 10-දින පාඨමාලාවක කාලසටහනම අනුගමනය කිරීම සිසුන්ගෙන් බලාපොරොත්තු වනු ලැබේ. මධ්‍යස්ථානය තුළ රැඳී සිටින කාලය තුළ දී සියලුම නීති රීති ( උතුම් නිශ්ශබ්දතාවය, අට සිල්, ආදිය) පිළිපැදිය යුතු වේ. ගොඑන්කා තුමා හෝ එතුමාගේ සහායක ගුරුවරයෙකු යටතේ පුහුණු කළ අන්තිම පාඨමාලාවෙන් පසුව වෙනත් කිසිම භාවනා ක්‍රමයක් අනුගමනය කර නොතිබීම. අන්තිම 10-දින පාඨමාලාවේ සිට දෙෙනික පැය දෙකක භාවනාව පවත්වා ගෙන යාමට උත්සාහවත් වීම. තමන්ට හැකි උපරිමයෙන් පංච ශීලය ආරක්ෂා කර ගැනීමට උත්සාහ කිරීම. මෙයට සහභාගි වීම සඳහා සහායක ගුරුවරයෙකුගේ අනුමතිය අවශ්‍ය වේ.
විශේෂ 10-දින පාඨමාලාව - පැරණි සිසුන් සඳහා
- මේ භාවනා ක්‍රමයට කැපවීමක් ඇති ගම්භීර පැරණි සිසුවෙකු විය යුතුයි.
- ගොඑන්කා තුමා හෝ එතුමාගේ සහායක ගුරුවරුන් යටතේ අවම වශයෙන් 10-දින පාඨමාලා පහකටවත් සහභාගි වී සිටීම අවශ්‍යයි.
- අවම වශයෙන් එක් සතිපට්ඨාන පාඨමාලාවකටවත් සහභාගි වී සිටීම අවශ්‍යයි.
- අවම වශයෙන් එක් 10-දින පාඨමාලාවකවත් සේවය කර තිබීම අවශ්‍යයි.
- දවසකට පැය දෙක බැගින් දිනපතා භාවනා කිරීම වසර දෙකක් පුරා අඛණ්ඩව පවත්වා ගනිමින් තිබීම අවශ්‍යයි.
- අවම වශයෙන් වසරක කාලයකටවත් ප්‍රාණඝාතයෙන්, කාමමිත්‍යාචාරයෙන්, මත් පැන් හා මත් ද්‍රව්‍ය ආදියෙන් වැළකී සිටීම සහ ශත්ති ප්‍රමාණයෙන් අනිකුත් ශික්ෂා පද ද ආරක්ෂා කර ගෙන තිබීම.
- දීර්ඝ පාඨමාලාවක වාඩිවීම සඳහා ස්වාමි පුරුෂයාගේ / බිරිඳගේ සහයෝගිත්වය තිබීම අවශ්‍යයි.
14-Day Gratitude Course
14-Day Gratitude Course Requirements are:
- Must be a serious old student who is active in giving Dhamma Service.
- Must be practicing Vipassana exclusively (not practicing any other meditation techniques).
- Must have sat at least one Satipaṭṭhāna Sutta course and three 10-Day courses.
- Must be trying to maintain the five precepts to the best of one’s ability.
- Must be trying to maintain two-hour daily practice since last 10-Day course.
- Must have local Teacher’s recommendation.
20- දින පාඨමාලාව
- මෙම මෙම භාවනා ක්‍රමයට කැප වූ ගම්භීර ශිෂ්‍යයෙකු විය යුතුයි.
- ගොඑන්කා තුමා හෝ එතුමාගේ සහායක ගුරුවරුන් යටතේ අවම වශයෙන් 10-දින පාඨමාලා පහකටවත් සහභාගි වී තිබිය යුතුයි.
- අවම වශයෙන් එක් සතිපට්ඨාන සුත්ත පාඨමාලා එකකටවත් සහභාගි වී තිබිය යුතුයි.
- අවම වශයෙන් ඒක් 10-දින පාඨමාලාවක් සේවය කර තිබිය යුතුයි.
- දවසකට පැය දෙක බැගින් දිනපතා භාවනා කිරීම වසර දෙකක් පුරා අඛණ්ඩව පවත්වා ගනිමින් සිටීම අවශ්‍යයි.
- අවම වශයෙන් වසරක කාලයකටවත් ප්‍රාණඝාතයෙන්, කාමමිත්‍යාචාරයෙන්, මත් පැන් හා මත් ද්‍රව්‍ය ආදියෙන් වැළකී සිටීම සහ ශත්ති ප්‍රමාණයෙන් අනිකුත් ශික්ෂා පද ද ආරක්ෂා කර ගෙන තිබීම.
- අවසන් දීර්ඝ පාඨමාලාවට සහභාගිවීමෙන් පසු අවම වශයෙන් හය මාසයකවත් පරතරයක් තිබිය යුතුයි.
- Ten day interval between long course and any other course.
- Spouse must be supportive of partner sitting long course.
30-දින පාඨමාලාව
- මේ භාවනා ක්‍රමයට කැප වී සිටින ගම්භීර පැරණි සිසුවෙකු විය යුතුයි.
- අවම වශයෙන් දින - 10 පාඨමාලා හයකටවත් ගොඑන්කා තුමා හෝ ඔහුගේ සහායක ගුරුවරයෙකු යටතේ සම්පූර්ණ කර තිබීය යුතුයි
- අවම වශයෙන් එක් සතිපට්ඨාන සුත්තපාඨමාලා එකකටවත් සහභාගි වී තිබිය යුතුයි.
- අවම වශයෙන් එක් 20- දින පාඨමාලාවකටවත් වාඩි වී සිටිය යුතුයි.
- අවම වශයෙන් එක් 10-දින පාඨමාලාවකවත් සේවය කර තිබීය යුතුයි.
- දවසට පැය දෙක බැගින්, දිනපතා භාවනා කිරීම, අඛන්ඩව අවම වශෙයන් වසර 2 ක කාලයකටවත් පවත්වා ගෙන ගොස් තිබිය යුතුයි.
- ප්‍රාණඝාතයෙන්, කාමමිත්‍යාචාරයෙන්, මත්පැන් හා මත් ද්‍රව්‍ය ආදියෙන් වැළකී සිටීම සහ තම ශක්තිප්‍රමාණයෙන් අවම වශයෙන් වසරක කාලයකටවත්, අනිකුත් ශික්ෂා පද ද ආරක්ෂා කර ගනිමින් සිටී තිබියි.
- අවසන් දීර්ඝ පාඨමාලාවට සහභාගිවීමෙන් පසු අවම වශයෙන් හය මාසයකවත් පරතරයක් තිබිය යුතුයි.
- දීර්ඝ පාඨමාලාවේත් වෙනත් කිසියම් පාඨමාලාවකත් අතර දස දිනක පරතරයක් තිබිය යුතුයි.
- දීර්ඝ පාඨමාලාවේ වාඩි වීම සඳහා, ස්වාමි පුරුෂයාගේ / බිරිඳගේ සහයෝගය තිබිය යුතුයි.
- පළමුවන 30-දින පාඨමාලාවට සහභාගි වීම සඳහා, 20-දින පාඨමාලාවෙන් පසුව අවම වශෙයන් එක් සාමාන්‍ය 10-දින පාඨමාලාවකටවත් සහභාගි වී සිටිය යුතුයි.
45-දින පාඨමාලාව
60-දින පාඨමාලාව
ඉහත දැක්වූයේ අවශ්‍ය අවම සුදුසුකම්ය. නමුත් ඒවා ඇතුළත් කර ගැනීම සහතික කිරීමක් නොවේ. 10-දින විශේෂ පාඨමාලාව, 20-දින පාඨමාලාව, 30-දින පාඨමාලාව, 45-දින පාඨමාලාව, 60-දින පාඨමාලාව සහ ආචාර්ය ස්වයං පාඨමාලාව සඳහා ඇතුළත් කර ගැනීමේ අයදුම් පත් ඔබ හොඳින් දන්නා සහායක ගුරුවරයෙකුගේ නිර්දේෂය සහ පැරණි යෝගියා වසන ප්‍රදේශය භාර ප්‍රධාන ගුරුතුමාගේ නිර්දේෂය අඩංගු විය යුතු වේ.